1
00:00:46,230 --> 00:00:47,777
පහුබහින්න එපා!

2
00:00:47,860 --> 00:00:49,240
ගම්මුන්ව ආරක්ෂා කරන්න!

3
00:01:33,000 --> 00:03:02,900
<font color="#2DEA00">✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන 182වන උපසිරැසිය ✰
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම </font>
- අශාන් විදුරංග -

4
00:03:02,950 --> 00:03:05,877
<b><font color="#FFFB8B">6 වන කතාංගය :- යක්ෂයෙකු නැසීමට ඉල්ලීමක්</font></b>

5
00:03:05,960 --> 00:03:12,960
<b><font color="#FFFB8B">හිමෙල් වීරයාගේ මරණයෙන් වසර 30 කට පසු</font></b>
<b><font color="#00FF81">උතුරු දේශය, රූෆන් කලාපය</font></b>

6
00:03:28,060 --> 00:03:29,940
කරුණාකරලා!

7
00:03:30,360 --> 00:03:33,000
මට පොඩි පුතෙක් ඉන්නවා...

8
00:03:35,780 --> 00:03:36,900
කට වහගන්න.

9
00:03:38,010 --> 00:03:42,330
මම ඔය වගේ කතා ඕනි තරම් අහලා තියෙනවා.

10
00:04:05,450 --> 00:04:09,440
ඉතින්, ඔය කියපු පුතා කොහේද ඉන්නේ?

11
00:04:10,550 --> 00:04:14,030
මුන්ට බැරිද එක පාරක් හරි
ඇත්තක් කතා කරන්න?

12
00:04:29,500 --> 00:04:33,507
සෙරී-සමා පුද්ගලිකවම මගෙන් යක්ෂයෙක් මරන්න කියල ඉල්ලුවා.

13
00:04:33,590 --> 00:04:35,880
මම කල්පනා කළා එහෙම කළේ ඇයි කියලා...

14
00:04:36,550 --> 00:04:40,550
පේනවිදිහට ඒ යක්ෂයා මගේ උපන් ගම
සම්පූර්ණයෙන් විනාශ කරලා.

15
00:04:44,760 --> 00:04:48,020
ඇත්තටම මේ ගම එක්ක මගෙ ලොකු බැදීමක් නෑ.

16
00:04:48,770 --> 00:04:51,480
ඒත් මෙහෙම දකිද්දි හිතට පොඩි දුකක් දැනෙනවා.

17
00:05:03,930 --> 00:05:06,660
ඔයා... ගෙනාවු නේද...?

18
00:05:07,200 --> 00:05:08,290
ඔව්.

19
00:05:11,370 --> 00:05:15,210
ගෙනාවු, අපේ ගම... යක්ෂයෝ...

20
00:05:16,170 --> 00:05:17,587
මම දන්නවා.

21
00:05:17,670 --> 00:05:19,337
මම ඒ හැමෝම බලාගත්තා.

22
00:05:19,420 --> 00:05:21,590
මම උන් සේරම මැරුවා

23
00:05:24,640 --> 00:05:27,060
ගමේ අය...?

24
00:05:30,600 --> 00:05:33,560
එයාල ආරක්ෂිතයි. හැමෝම පණපිටින් ඉන්නවා.

25
00:05:34,230 --> 00:05:35,810
ඔයාටත් ඉක්මනටම හොඳ වෙයි.

26
00:05:37,070 --> 00:05:41,680
මාත් එක්ක අලුත් පළවෙනි පන්තියේ මායාකාරියක් ඉන්නවා.

27
00:05:42,890 --> 00:05:47,010
මායාකාරියක් වුණත් එයාට "දේවතාවියගේ මායාවන්" 
පාවිච්චි කරන්න පුළුවන්.

28
00:05:47,640 --> 00:05:49,200
අමුතුයි නේද?

29
00:05:50,080 --> 00:05:53,247
ඒකයි මම කිව්වේ ඔයාට ඉක්මනටම සනීප වෙයි කියලා.

30
00:05:53,330 --> 00:05:55,710
ඔයාට පුළුවන්  ඉක්මනටම ඔයාගේ බේකරිය ආපහු පටන් ගන්න.

31
00:05:57,460 --> 00:06:01,720
ඉතින්, දැන්වත් ඔයාට රසට පාන් හදාගන්න පුළුවන්ද?

32
00:06:02,720 --> 00:06:06,637
මට මේ ටිකේම කන්න ලැබුණේ ගල් වගේ 
සීතල වුණ පාන් විතරයි.

33
00:06:06,720 --> 00:06:09,720
අලුතෙන් පුච්චපු පාන් ගෙඩියක් කන්න ලැබුණොත් මරු.

34
00:06:10,730 --> 00:06:15,317
ඇත්තටම ඒක අලුත්ම වෙන්න ඕනිත් නැහැ.

35
00:06:15,400 --> 00:06:19,400
ඉස්සර වගේ ඉතුරු වුණ හරි, කරවුණ පාන් කෑල්ලක් වුනත් කමක් නෑ.

36
00:06:20,650 --> 00:06:22,570
මම ඊට වඩා දෙයක් ඉල්ලන්නේ නැහැ.

37
00:06:38,210 --> 00:06:39,530
ගෙනාවු.

38
00:06:44,380 --> 00:06:46,217
තුවාල වුණ කෙනාව මෙහෙට ගේන්න.

39
00:06:46,300 --> 00:06:49,430
තුවාල වුණ කෙනා?
මට අනුකම්පා කරන්න හදන්න එපා. මෙතෝඩ්

40
00:06:50,140 --> 00:06:53,310
මේ මනුස්සයා දැනටමත් මැරිලා.

41
00:06:55,270 --> 00:06:58,770
මම එයාව හොයාගනිද්දීත්,
එයා බේරගන්න බැරි තත්වෙක හිටියේ

42
00:06:59,690 --> 00:07:01,570
ඔයාට ඒ අමුතු ගඳ දැනෙන්නේ නැද්ද?

43
00:07:02,110 --> 00:07:04,820
එයාගේ බඩේ තුවාලය දැනටමත් කුණු වෙන්න පටන් අරන්.

44
00:07:05,360 --> 00:07:07,660
එයාව බේරගන්න කිසිම ක්‍රමයක් නැහැ.

45
00:07:08,700 --> 00:07:12,790
එහෙම වෙලත්, එයා මගේ ඇඟේ එල්ලිලා හිටියා.

46
00:07:27,180 --> 00:07:29,800
එයා බේකරි කාරයෙක්ගේ පුතෙක්.

47
00:07:30,350 --> 00:07:33,680
අපි පොඩි කාලේ එකට සෙල්ලම් කරපු අය.

48
00:07:34,730 --> 00:07:38,600
තාත්තා නැති වුනාට පස්සෙ එයා තමා බේකරිය කලේ...

49
00:07:39,230 --> 00:07:42,440
එයා හදපු පාන් එච්චර රස වුනේ නෑ

50
00:07:45,360 --> 00:07:47,700
දැන් කවදාවත් ඒ පාන් කන්න ලැබෙන්නේ නැහැ.

51
00:07:49,990 --> 00:07:53,200
හැමෝම මෙතන ඉන්නවා.
එයාට දැන් තනිකමක් දැනෙන එකක් නැහැ.

52
00:07:55,500 --> 00:07:59,580
මට හිතාගන්න බෑ ඇයි අපි නැතුව එයාල මැරුණේ කියලා.

53
00:08:00,710 --> 00:08:06,550
මේ ගමේ අය අපි වගේ නෙමෙයි 
එයාල සටන් කරන්න තෝරගත්තේ නැහැ

54
00:08:17,060 --> 00:08:18,647
මැරෙන්නම ඕන නම්,

55
00:08:18,730 --> 00:08:23,567
ඒ සටන් කරන්න තෝරගත්තු පළමු පන්තියේ
මායාකාරයෝ වෙන අපි වෙන්න ඕනි

56
00:08:23,650 --> 00:08:25,400
ගෙනාවු.

57
00:08:27,030 --> 00:08:34,809
උතුරු ශාඛාවට නෝම් නයිට්වරුන්ගෙන් උදව් ඉල්ලල පණිවිඩිය 
ලැබෙද්දිත් මේ ගම විනාශ වෙලා ඉවරයි.

58
00:08:36,710 --> 00:08:39,289
ඒක ඔයාගේ වරදක් නෙමෙයි

59
00:08:41,020 --> 00:08:43,370
මම තව පාරක් ගම වටේ ගිහින් බලන්නම්.

60
00:08:46,800 --> 00:08:50,010
ඔයා ටිකක් විවේක ගන්න ඕනි නැද්ද?

61
00:08:51,180 --> 00:08:52,137
ඇයි?

62
00:08:52,220 --> 00:08:53,550
ඇයි අහන්නෙ?

63
00:08:56,220 --> 00:08:57,310
සද්ද කරන්න එපා.

64
00:08:58,180 --> 00:09:00,600
මගේ එක ආරක්ෂකයෙක්ව පරාද කලා

65
00:09:01,230 --> 00:09:05,287
සටන්කාරයෙකුයි මායාකාරියකුයි හැංගිලා ඉන්නවා.

66
00:09:05,370 --> 00:09:06,440
නෑ, මායාකාරියෝ දෙන්නෙක්ද?

67
00:09:07,360 --> 00:09:08,610
දෙන්නෙක් ඉන්නවා.

68
00:09:09,240 --> 00:09:11,367
එයාල හරිම දක්ෂයි වගේ.

69
00:09:11,450 --> 00:09:12,990
හතුරොද?

70
00:09:18,160 --> 00:09:20,750
නෑ, හුගක් වෙලාවට ඒ...

71
00:09:31,930 --> 00:09:34,470
ආ, මේ ෆ්‍රීරන් නේ.

72
00:09:35,890 --> 00:09:40,600
ඒ කියන්නේ මට දැනෙන අනිත් කෙනා
පළමු පන්තියේ මායාකාරිය ෆෙරන්.

73
00:09:42,600 --> 00:09:48,067
ආ, මේ මෙතෝඩුයි පළවෙනි පරීකෂණයේ පරීක්ෂකයයිනේ.

74
00:09:48,150 --> 00:09:50,150
ගෙනාවු, නේද?

75
00:09:50,590 --> 00:09:56,010
සිරාවට, මට දරුණු මිනීමරු ගතියක ශක්‍තියක් දැනුනා.
මම හිතුවේ යක්ෂයෙක් කියලා.

76
00:09:57,450 --> 00:09:58,537
එහෙමද?

77
00:09:58,620 --> 00:10:01,957
පටලවා ගත්තට සමාවෙන්න. හිතල කරපු දෙයක් නෙමෙයි

78
00:10:02,040 --> 00:10:05,540
ඇත්තටම මම ගොඩක් බය වුණා.

79
00:10:06,290 --> 00:10:08,877
ෆෙරන්, බය වෙන්න එපා. එයාල යාළුවෝ

80
00:10:08,960 --> 00:10:10,547
ස්ටාර්ක්ටත් කියන්න.

81
00:10:10,630 --> 00:10:11,800
හරි.

82
00:10:15,640 --> 00:10:16,717
මට පේනවා.

83
00:10:16,800 --> 00:10:20,937
ෆෙරන්-සන් වත් මේ යක්ෂයා මරන වැඩේට ගෙන්වලා.

84
00:10:21,020 --> 00:10:23,570
කොහොමත් අපි උතුරු සානුවේනේ හිටියේ.

85
00:10:23,810 --> 00:10:26,560
ඒක නෙමේ තත්වය කොහොමද?

86
00:10:38,200 --> 00:10:39,910
 යාච්ඤා කරනවද?

87
00:10:40,330 --> 00:10:41,787
ඒක වැරදිද?

88
00:10:41,870 --> 00:10:44,420
නැහැ, මම එහෙම කිව්වේ නැහැ.

89
00:10:45,000 --> 00:10:47,420
මගේ ගමත් විනාශ වුණේ යක්ෂයෝ අතින්.

90
00:10:48,920 --> 00:10:50,010
එහෙමද?

91
00:10:53,010 --> 00:10:53,670
පොඩ්ඩක් ඉන්න.

92
00:10:54,680 --> 00:10:57,010
යක්ෂයෝ මිනිස්සුන්ව කනවා නේද?

93
00:10:58,930 --> 00:11:01,230
එහෙනම් ඇයි උන් මළසිරුරු ඉතුරු කරලා තියෙන්නේ?

94
00:11:01,850 --> 00:11:03,600
මගේ ගමේදිත් ඒක එහෙමයි.

95
00:11:04,270 --> 00:11:07,147
කවුද දන්නේ? හේතුව දන්නේ නැහැ.

96
00:11:07,230 --> 00:11:10,320
 යක්ෂයෝ බඩ පිරිලා හිටියත් මිනිස්සු මරනවා.

97
00:11:11,650 --> 00:11:13,320
හරිම අභිරහසක්.

98
00:11:15,070 --> 00:11:16,320
එහෙමද?

99
00:11:16,790 --> 00:11:19,717
ඔයාලා මේ ගමේ හිටපු යක්ෂයෝ මරලා ඉවරයි

100
00:11:19,800 --> 00:11:22,537
අපි ටිකක් පරක්කු වෙලා වගේ.

101
00:11:22,620 --> 00:11:25,377
අපි පුළුවන් ඉක්මනට එන්න උත්සාහ කළා.

102
00:11:25,460 --> 00:11:30,030
හැබැයි, ගෙනාවු කියන විදියට මෙතන එක දෙයක් සැක සහිතයි.

103
00:11:36,840 --> 00:11:39,967
මේ ඉන්නේ ගමේ හිටපු "නෝම් නයිට්වරු".

104
00:11:40,050 --> 00:11:41,837
නෝම් නයිට්වරු?

105
00:11:41,920 --> 00:11:44,597
 නෝම් සමාගමේ සීමාවෙත් එයාලා හිටියා

106
00:11:44,680 --> 00:11:47,500
එයාලා තමා සමාගමේ හමුදා අංශය.

107
00:11:48,840 --> 00:11:51,060
එතන ගොඩක් අය නැහැ.

108
00:11:51,630 --> 00:11:54,610
පොඩි ගමක ආරක්ෂක කණ්ඩායමක් ඔහොම තමයි.

109
00:11:55,320 --> 00:12:00,030
හැබැයි, එයාල දක්ෂ පිරිසක්. මේ වගේ ගමකට ඒ දක්ෂතාවය වැඩියි.

110
00:12:01,740 --> 00:12:03,990
මේ එයාලගේ නායකයා.

111
00:12:04,380 --> 00:12:07,750
එයා අවුරුදු ගාණක් මේ ගම ආරක්ෂා කරපු වීරයෙක්.

112
00:12:10,670 --> 00:12:15,010
පුදුමයි. පේනවිදිහට එයා ස්ටාර්ක්ටත් වඩා හුගක් ශක්තිමත්

113
00:12:15,490 --> 00:12:18,070
ඇත්තටම, හැමෝම මට වඩා ශක්තිමත් තමයි.

114
00:12:19,180 --> 00:12:21,307
ඉතින් මරණයට හේතුව...?

115
00:12:21,390 --> 00:12:23,557
මගේ මරණ පරීක්ෂණ මායාවට අනුව,

116
00:12:23,640 --> 00:12:26,640
හැමෝම මැරිලා තියෙන්නේ කඩුවලින් කපලා.

117
00:12:27,170 --> 00:12:29,000
හැමෝම එක ක්ෂණයකින් මැරිලා.

118
00:12:30,020 --> 00:12:31,857
ගමේ හිටපු අර යක්ෂයෝ

119
00:12:31,940 --> 00:12:35,780
මෙහෙම දෙයක් කරන්න තරම් උන්ට ශක්තියක් තිබුණේ නැහැ.

120
00:12:36,900 --> 00:12:40,410
මම සැක කරනවා මේ ගමට පහර දීපු ඇත්තම යක්ෂයා තාමත් ජීවතුන් අතර කියලා.

121
00:12:41,910 --> 00:12:46,710
හොද වෙලාවට, ඔයාල තුන්දෙනා ආපු එක අපතේ යන්නෙ නෑ

122
00:12:48,500 --> 00:12:52,670
හරි
එහෙනම් අපිට තාමත් උදව් කරන්න පුළුවන්.

123
00:12:54,670 --> 00:12:59,000
අපි එකට, අර උන්ට පෙන්නමු මිනිස්සු කොයි තරම් භයානකද කියලා.

124
00:13:08,980 --> 00:13:10,190
මෙහෙම...

125
00:13:11,020 --> 00:13:12,940
මෙහෙම, තව මෙහෙම...

126
00:13:13,650 --> 00:13:15,650
සමහරවිට මෙහෙම වෙන්න ඇතිද?

127
00:13:17,860 --> 00:13:20,780
ඔය වගේ පහරවල් එක පාර කරන්න බෑ.

128
00:13:21,490 --> 00:13:24,720
හැබැයි නයිට්වරුන්ගේ ඇඟේ තියෙන තුවාල එක්ක බලද්දී...

129
00:13:26,080 --> 00:13:27,540
බැරිවෙලාවත්....

130
00:13:29,120 --> 00:13:30,910
කඩු දෙකක් පාවිච්චි කරන කෙනෙක්ද?

131
00:13:34,130 --> 00:13:35,670
එහෙම වුණොත්...

132
00:13:37,670 --> 00:13:43,257
යක්ෂයෝ සාමාන්‍යයෙන් එයාලගේ බලය හංගන්නේ ටික වෙලාවකට,

133
00:13:43,340 --> 00:13:47,390
ඒ නිසා අපිට හිතන්න පුළුවන් උන් දැන් ඉන්නේ
 අපේ සීමාවෙන් පිටත කියලා.

134
00:13:47,720 --> 00:13:50,890
එහෙනම් දැනට ගම අවට ප්‍රදේශය ආරක්ෂිතයි

135
00:13:51,350 --> 00:13:57,147
ගෙනාවු මට කිව්වා යක්ෂයෝ ඉන්න ඉඩ තියෙන තැන් ටිකක් ගැන.

136
00:13:57,230 --> 00:13:59,320
අපි ඒ තැන් ගැන හොයලා බලමු.

137
00:13:59,770 --> 00:14:00,740
තේරුණා.

138
00:14:10,910 --> 00:14:13,627
හරි, ඊට කලින් අපි රෑට මොනවා හරි කමු.

139
00:14:13,710 --> 00:14:16,560
කවුද කිව්වේ බඩගින්නේ සටන් කරන්න පුළුවන් කියලා, නේද?

140
00:14:23,220 --> 00:14:25,680
ආයෙත් මේ පාන්ද...

141
00:14:26,470 --> 00:14:30,100
කෑම බෙදාහරින එක යථාතත්වෙට එනකල් අපිට ඉන්න වෙනවා.

142
00:14:32,390 --> 00:14:33,230
ගෙනාවු කෝ?

143
00:14:34,270 --> 00:14:36,647
එයා තාම පල්ලියේ ඇති.

144
00:14:36,730 --> 00:14:39,487
මම එයාගේ පාන් ටික අරන් යන්නම්.

145
00:14:39,570 --> 00:14:43,777
එපා, මට ඕන ඔයා හතුරා ගැන කරපු විශ්ලේෂණය දැනගන්න.

146
00:14:43,860 --> 00:14:46,517
මම මුලින්ම හතුරාගේ හැඩරුව දැනගන්න ඕනි.

147
00:14:46,600 --> 00:14:48,990
එහෙනම් මම ඒක අරන් යන්නම්.

148
00:14:50,450 --> 00:14:51,950
කරුණාරලා

149
00:14:53,790 --> 00:14:56,420
ඉතින්, කවුද අපේ හතුරා?

150
00:14:57,210 --> 00:15:02,087
අපිට විස්තර හරියටම දැනගන්න තව ටික වෙලාවක් ඕනි,

151
00:15:02,170 --> 00:15:03,970
හැබැයි අපි එක දෙයක් හොයාගත්තා.

152
00:15:04,510 --> 00:15:08,050
එහෙමද, එහෙනම් අපි සැලසුමක් හදමු...

153
00:15:17,270 --> 00:15:20,730
ඇත්තටම, අපි කලින් කෑම කාලා ඉමු.

154
00:15:28,240 --> 00:15:30,490
මොකද, අපි දැන්ම යනවද?

155
00:15:31,180 --> 00:15:34,160
නැහැ, මම ඔයාට කෑම ගෙනාවා.

156
00:15:40,210 --> 00:15:41,967
මේක හරි හයියයි.

157
00:15:42,050 --> 00:15:43,210
ඔව්...

158
00:15:43,880 --> 00:15:45,800
ඔයා මොකද කලේ?

159
00:15:47,050 --> 00:15:51,220
යක්ෂයෝ පල්ලියේ තිබුණ ආරක්ෂක පවුර විනාශ කරලා.

160
00:15:51,740 --> 00:15:54,640
මම ඒ වෙනුවට ශක්තිමත් පවුරක් හැදුවා.

161
00:15:55,520 --> 00:15:58,370
මළසිරුරු තාමත් ඇතුළේ තියෙනවනේ.

162
00:15:59,440 --> 00:16:02,980
ඇයි ඔයා මේ මළසිරුරු මෙහෙම තියලා තියෙන්නේ?

163
00:16:03,610 --> 00:16:07,900
ඔයා එයාලව වළලනව නම් මම උදව් කරන්නම්.
මම මහන්සි වෙලා වැඩ කරන්න දක්ෂයි.

164
00:16:08,360 --> 00:16:09,737
එහෙමද?

165
00:16:09,820 --> 00:16:13,370
මම හිතන්නේ උතුරු සානුවේ නොවන අය මේ ගැන දන්නේ නැහැ.

166
00:16:16,410 --> 00:16:20,080
සාමාන්‍යයෙන් උතුරු සානුවේ ගම්මාන වල මැරුණ අය වළලන්නේ නැහැ.

167
00:16:21,710 --> 00:16:26,170
එහෙම කළත් ඒක කරන්නේ හොඳින් ආරක්ෂා වුණ නගරයක කෙළවරක,

168
00:16:26,630 --> 00:16:30,180
නැත්නම් ආරක්ෂක මායාවන් තියෙන රදළ සොහොන් ගෙයක.

169
00:16:30,800 --> 00:16:33,307
අනිත් හැමෝම වළලන්නේ පොදු සුසාන භූමියක,

170
00:16:33,390 --> 00:16:36,930
ඒක තියෙන්නේ උතුරු සානුවේ දකුණු කෙළවරේ, එතන රාක්ෂයෝ අඩුයි.

171
00:16:37,480 --> 00:16:40,030
සිරුරු එතනට ගෙනියන එක සෑහෙන මහන්සියක්.

172
00:16:40,730 --> 00:16:43,440
ඒවා ආරක්ෂා කරන්නේ නෝම් නයිට්වරු.

173
00:16:44,610 --> 00:16:46,277
ඔයා දන්නවද ඇයි කියලා?

174
00:16:46,360 --> 00:16:47,690
නෑ...?

175
00:16:48,610 --> 00:16:53,580
සොහොන් හරියට හැදුවේ නැත්නම්, කුණු ගඳට රාක්ෂයෝ ඇදිලා එනවා.

176
00:16:54,740 --> 00:16:57,000
ඒක හරිම පිළිකුල් සහගත දර්ශනයක්

177
00:16:57,590 --> 00:16:59,460
උන් කටු පවා ඉතිරි කරන්නේ නැහැ.

178
00:17:01,040 --> 00:17:06,960
නෝම් සමාගම කාලෙක ඉඳන් කියනවා මළසිරුරු පුච්චන්න ඕන කියලා.

179
00:17:07,800 --> 00:17:11,397
ඒක ව්‍යාපාරිකයෙක් කරන විදියේ හරිම ප්‍රායෝගික අදහසක්.

180
00:17:11,480 --> 00:17:13,430
මමත් එයාලා එක්ක එකඟයි.

181
00:17:18,060 --> 00:17:21,430
හැබැයි පූජක පක්ෂය ඒකට ඉඩ දෙන්නේ නැහැ.

182
00:17:21,960 --> 00:17:24,357
මට එයාලගේ හැඟීම් තේරෙනවා.

183
00:17:24,440 --> 00:17:26,230
ඇත්තටම මට ඒක තේරෙනවා.

184
00:17:27,150 --> 00:17:32,440
අමාරුවෙන් මැරුණ කෙනෙක්ව ගින්නට දාන එක කරන්න ලේසි දෙයක් නෙවෙයි.

185
00:17:35,740 --> 00:17:38,250
ඒත් කවදා හරි අපිට ඒක පිළිගන්න වෙනවා.

186
00:17:38,910 --> 00:17:40,707
මොකද මේ යන විදියට,

187
00:17:40,790 --> 00:17:43,240
තමන් උපන් දේශයේ කිසිම කෙනෙක්ට සැතපෙන්න වෙන්නේ නැහැ.

188
00:17:54,550 --> 00:17:58,387
පාන් කද්දී ඔය සද්දේ ඇහෙන එක තාමත් හරි අමුතුයි.

189
00:17:58,470 --> 00:18:03,520
ඔයාලා එක්ක මෙහෙම එකට කෑම කන්න ලැබීම ගැන පුදුමයි.

190
00:18:04,190 --> 00:18:10,277
මම ඇත්තටම හිතුවේ නැහැ මෙතනදී ෆ්‍රීරන්-සන්ලා හම්බෙයි කියලා.

191
00:18:10,360 --> 00:18:11,780
අපිත් එහෙමයි.

192
00:18:13,280 --> 00:18:18,670
අපිට උදව් ඉල්ලලා ලිපිය ලැබෙද්දී අපි හිටියේ කන්දක.

193
00:18:19,180 --> 00:18:21,150
මම හුගක් කළබල වුනා.

194
00:18:28,920 --> 00:18:30,507
කවුද මේ යකා?

195
00:18:30,590 --> 00:18:32,920
එයා ලග ලියුමක් තියෙනවා.

196
00:18:33,880 --> 00:18:37,887
ඔයයි ගෙනාවුයි ඇයි මෙහෙ ඉන්නෙ?

197
00:18:37,970 --> 00:18:43,310
මම හිතන්නෑ පළමු පන්තියේ මායාකාරයෝ දෙන්නෙක්
 මෙහෙ ඉන්න එක අහම්බයක් කියලා

198
00:18:43,770 --> 00:18:47,317
දැනට මට සෙරී මැතිණිය භාර දීලා තියෙන්නේ

199
00:18:47,400 --> 00:18:53,320
ගෙනාවු එක්ක එකතු වෙලා උතුරු සානුවේ යක්ෂයන්ව මරන්න.

200
00:18:53,660 --> 00:18:57,367
පළමු පන්තියේ මායාකාරයෝ මේ වගේ වැඩ කරන්න ඕනද?

201
00:18:57,450 --> 00:18:59,330
වෙලාවට මම පළමු පන්තියේ කෙනෙක් නොවුනේ.

202
00:18:59,500 --> 00:19:02,940
ඇත්තටම මම මේක කරන්නේ එයාගේ ශිෂ්‍යාවක් විදිහට

203
00:19:03,500 --> 00:19:04,787
ශිෂ්‍යාවක්?

204
00:19:04,870 --> 00:19:05,997
ඔව්.

205
00:19:06,080 --> 00:19:11,700
පළමු පන්තියේ මායාකාරයෝ හුගක් වෙලාවට එයාගේ ශිෂ්‍යයෝ වෙනවා.

206
00:19:11,740 --> 00:19:14,540
ආ, ඔව් එයා මටත් ඒ වගේ දෙයක් කිව්වා.

207
00:19:15,000 --> 00:19:16,927
හැබැයි මම එයාව ප්‍රතික්ෂේප කළා.

208
00:19:17,010 --> 00:19:18,930
ඔයා හොඳ ළමයෙක්, ෆෙරන්.

209
00:19:19,760 --> 00:19:23,847
එතකොට ඔයාලා දෙන්නා සෙරීට ඕන විදියට නටනවා.

210
00:19:23,930 --> 00:19:25,267
හරිම කරදරයක් ඇති.

211
00:19:25,350 --> 00:19:27,440
එහෙම දෙයක් නැහැ.

212
00:19:28,230 --> 00:19:31,940
ඇත්තටම, මට ඕන එයාට තව හුගක් උදව් වෙන්න.

213
00:19:32,690 --> 00:19:36,237
එයා හරිම පොඩි, හුරතල් කෙනෙක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

214
00:19:36,320 --> 00:19:38,447
එහෙමද...?

215
00:19:38,530 --> 00:19:42,620
ඇත්තටම, ෆ්‍රීරන්-සනුත් එයා වගේම හුරතල්.

216
00:19:43,160 --> 00:19:44,550
ස්තූතියි...

217
00:19:46,460 --> 00:19:50,960
අනික, ගෙනාවු-සන්ට වඩා මට වෙන්න එපා කියන කෙනෙක් නෑ 

218
00:19:52,090 --> 00:19:55,470
ඔයා මම වගේ වෙන්න එපා.

219
00:19:58,300 --> 00:20:00,970
හොදයි අපි කාලා ඉවර නිසා...

220
00:20:01,830 --> 00:20:04,100
 අපේ සැලසුම් රැස්වීම පටන් ගමුද?

221
00:20:06,020 --> 00:20:09,450
ඉතින්, හතුරා ගැන ඔයාලගේ විශ්ලේෂණය කොහොමද?

222
00:20:09,460 --> 00:20:10,200
ඒක...

223
00:20:10,610 --> 00:20:12,567
මොනවා හරි හොයාගත්තද?

224
00:20:12,650 --> 00:20:13,867
ඔව්.

225
00:20:13,950 --> 00:20:17,820
යක්ෂයෝ කී දෙනෙක් හිටියද කියලා අපිට තාම හරියටම විශ්වාස නැහැ,

226
00:20:18,360 --> 00:20:20,570
හැබැයි අපි එක දෙයක් තේරුම් ගත්තා.

227
00:20:22,910 --> 00:20:25,577
ඔයා කිව්වා නේද හතුරා කඩු දෙකක් පාවිච්චි කරන කෙනෙක් කියලා?

228
00:20:25,660 --> 00:20:26,960
ඒ ගැන...

229
00:20:28,080 --> 00:20:31,417
මමත් මුලින් හිතුවේ ඒකම තමයි,

230
00:20:31,500 --> 00:20:34,757
හැබැයි සමහර දේවල් ගැලපෙන්නේ නැහැ.

231
00:20:34,840 --> 00:20:36,217
මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ?

232
00:20:36,300 --> 00:20:40,637
මම දන්න විදියට, කඩු දෙකක් හසුරවන හැම ක්‍රමයකදීම

233
00:20:40,720 --> 00:20:44,680
පහරදීම සහ ආරක්ෂා වීම අතර සමබරතාවයක් තියාගන්නවා.

234
00:20:45,180 --> 00:20:48,307
ඒ නිසා හුගක් අය දිග කඩුවක් පාවිච්චි කරනවා මාරාන්තික පහරවල් දෙන්න,

235
00:20:48,390 --> 00:20:52,610
ඒ අතරම අනිත් අතට ලේසි කෙටි කඩුවක් ගන්නවා.

236
00:20:54,320 --> 00:20:58,400
ඒ කියන්නෙ කැපුම් පාරවල් වල වෙනසක් තියෙන්න ඕනි.

237
00:21:01,990 --> 00:21:06,410
 අපි මුහුණ දෙන්නේ ලොකු කඩු දෙකක් තියෙන බලවත් යක්ෂයෙකුටද?

238
00:21:06,790 --> 00:21:07,787
ඔව්.

239
00:21:07,870 --> 00:21:12,247
අපි ඒ ගැන හිතලා, සිරුරුවල තුවාල සහ සටන් සලකුණු එක්ක

240
00:21:12,330 --> 00:21:15,170
යක්ෂයා කඩුවෙන් පහර දෙන හැටි මවා ගත්තා...

241
00:21:16,800 --> 00:21:21,430
ඒත් කොහොම බැලුවත්, කඩු දෙකක් හසුරවන කෙනෙක්ට ඔය වගේ චලනය වෙන්න බෑ.

242
00:21:22,470 --> 00:21:26,810
ඊට එහා දේවල් නිකම්ම අනුමාන විතරයි...

243
00:21:28,020 --> 00:21:29,560
කියන්න බලන්න.

244
00:21:32,560 --> 00:21:34,227
අපොයි, මගේ වැරැද්ද.

245
00:21:34,310 --> 00:21:35,400
සමාවෙන්න.

246
00:21:48,660 --> 00:21:49,830
 හතුරා...

247
00:21:50,830 --> 00:21:52,330
...කඩු හතරක් පාවිච්චි කරන කෙනෙක්.

248
00:21:54,500 --> 00:21:55,590
මට පේනවා.

249
00:21:56,630 --> 00:22:00,007
නයිට්වරුන්ගේ සහ ගොඩනැගිලිවල තියෙන කැපුම් පාරවල් බැලුවම,

250
00:22:00,090 --> 00:22:02,340
අපිට එන්න පුළුවන් තර්කානුකූලම නිගමනය ඒක.

251
00:22:08,550 --> 00:22:10,520
කඩු හතරක් හසුරවන්නෙක්...

252
00:22:13,000 --> 00:23:57,900
<font color="#2DEA00">✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන 182වන උපසිරැසිය ✰
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම </font>
- අශාන් විදුරංග -

253
00:23:58,250 --> 00:23:59,920
35 වන කොටස: දේව කැරැල්ල.

